31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික කොවිඩ් හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර ගැන සෙවීමට සමීක්ෂණයක්

කොවිඩ් හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර ගැන සෙවීමට සමීක්ෂණයක්

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් සමග අසීරුතාවන්ට මුහුණ දුන් ව්‍යාපාරිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති අයදුම්පත්‍රයක් ඔන්ලයින් ක්‍රමය හරහා සම්පුර්ණ කිරීමෙන් අදාළ තොරතුරු ලබාදිය හැකි බව සඳහන්ය.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සිදුව ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා නිවැරදි දත්ත ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් අදාළ සමීක්ෂණය සිදුකෙරෙයි.

මේ වන විටත් අදාළ සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර දුෂ්කරතාවන්ට මුහුණ දුන් ව්‍යාපාරිකයින්ට අදාළ තොරතුරු ඔන්ලයින් ක්‍රමය හරහා ලබාදිය හැකි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්