31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික ඉන්ධන තීරු බදු තවත් මාස 03කින් දීර්ඝ කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට බදු ආදායමට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් ඉන්ධන වෙනුවෙන් අයකරන තීරු බදු ගාස්තුව තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

රජය පවසන්නේ ඉන්ධන බදු ආදායමින් අරමුදලක් ගොඩ නගමින් සිටින බවයි. එසේම වෙළෙඳ පොළේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන නමුත් මිල සමබරව පවත්වාගෙන යෑම සඳහා බදු වෙනස් කරන බවද රජය ප්‍රකාශ කර සිටි.

මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රජය රුපියල් 20 ක් බදු අය කරයි. ඔක්ටේන් 95 පෙට්‍රල් වෙනුවෙන්ද එම අනුපාතයෙන්ම බදු අය කෙරෙයි. ඊට අමතරව අඩු සල්ෆර් මට්ටමක් සහිත සුපිරි ඩීසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 30 ක්ද, සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 12 ක් හා රුපියල් 20 ක් බැගින්ද රජය බදු අයකරයි. පසුගිය ජුනි 30 වැනිදා සිට මෙම සංකේතික බදු ක්‍රියාත්මක වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්