31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික අපනයන ආදායම පහලට

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ආදායම ද විශාල පසුබෑමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

වසර 2019 දී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 11,000ක් විය.

කෙසේවුවද, මේවන විට ගෙවුණ අට මාසය තුළ නැතිනම් අගෝස්තු මාසය වන විට මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 960ක් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියා සිටී.

අපනයන ආදායම පහල බැස ඇතත් මෑත ඉතිහාසයේ ප්‍රථම වරට රටේ භාණ්ඩ ආනයන වියදම සහ අපනයන ආදායම සමාන තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටින්නේ ගෙවුණු මාස අට තුළ රටේ ආනයන වියදම ඩොලර් මිලියන 1050ක් බවයි.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ආනයන සීමා පැනවීමත් අපනයන වර්ධනය කරගැනීමටත් රජය දරන ලද ප්‍රබල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සුභදායී තත්ත්වය වාර්තා වන බවද ඔහු කියා සිටී.

වසර 2019 දී මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 11,000 ක් වුවද, ආනයන වියදම ඩොලර් මිලියන 21,000ක් පමණ වී තිබිණි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ 2019 රටේ ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය 100%කට ආසන්නව පැවැති බවයි.

මෙම අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේදී මේ වසරේදී මෙලෙස වියදම් තුළනය කරගැනීම නිසා රටේ පොලී අනුපාතය හා විනිමය අනුපාතය ද ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වන බව ඔහු මේ අතර කියා සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්