31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව විදෙස් පුවත් ප්‍රංශ ළඳුන්ගේ අවධානය දෙතොලින් දෑසට

ප්‍රංශ ළඳුන්ගේ අවධානය දෙතොලින් දෑසට

කොවිඩ්-19 නිසා පළඳනු ලබන මුහුණු ආවරණ මඟින් දෙතොල් ආවරණය වන බැවින් මේ වසරේ ලිප්ස්ටික් අලෙවිය 17%කින් අඩු වී ඇතැයි ප්‍රංශයෙන් වාර්තා වේ.

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වූ ලොක්ඩවුන් කාලය තුළ එරට ලිප්ස්ටික් අලෙවිය 75% දක්වා පහළ වැටී තිබිණි.

තොල් වෙනුවට සිය දෑස් වඩාත් ආකර්ෂණීය අයුරින් හැඩ ගැන්වීමට ප්‍රංශයේ ළඳුන් පෙලඹී සිටින බව මේ සම්බන්ධයෙන් නීල්සන් සමාගම නිකුත් කළ දත්ත වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

මේ හේතුවෙන් මස්කාරා, අයි ලයිනර්ස් සහ අයි ෂැඩෝස් වැනි නෙත් අඳුන් අලෙවිය වර්ධනය වී තිබේ. තොල් වෙනුවට ඇස්වලින් වැඩි අවධානයක් ඇද ගැනීමට හැකි බව බොහෝ ප්‍රංශ ළඳුන් පවසා ඇත.

මේ අතර මුහුණු ආවරණ දිගු වේලාවක් පැලඳ සිටීම නිසා එක්තරා කුරුලෑ විශේෂයක් හටගැනීම ගැනද ප්‍රංශ කාන්තාවෝ අසහනයට පත්ව සිටිති. මාස්ක් නිසා ඇති වන මෙම ඇක්නි විශේෂය ‘මාස්ක්නි’ (maskne) ලෙස හැඳින්වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්