31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ක්‍රීඩා එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාව

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැසින්ටා ගලබඩආරච්චි එංගලන්ත කාන්තා පාපන්දු ලීගයට පිවිසි පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාව බවට පත්වූවාය.

මේ වන විට 19 වන වියේ පසුවන ගලබඩආරච්චි එංගලන්තයේ වෙස්ට් හැම් කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා සම්භවයක් ඇති ගලබඩආරච්චි ඔස්ට්‍රේලියාවේදී උපත ලද අතර, ඇය 5 හැවිරිදි වියේ පසුවද්දී පාපන්දු ක්‍රීඩාවට යොමුවී ඇත්තේ, ඇගේ සොහොයුරා පාපන්දු ක්‍රීඩා කළ ආකාරය නැරඹීමෙන් පසුවය.

වයස අවුරුදු 9 වන විට ඇය මැන්චෙස්ටර් සිටි පාපන්දු ඇකඩමිය හා සම්බන්ධ වී පාපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කළාය.

2016-17 වසරවලදී වයස අවුරුදු 17න් පහළ ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමත්, 2020 වසරේදී ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමත් නියෝජනය කිරීමට ඇය සමත් වූවාය.

ඇය මෙල්බර්න් සිටි, පර්ත් ග්ලෝරි සහ වෙස්ට් හැම් පාපන්දු කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා දක්වා ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්