31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන ''දමිළයන් වෙනුවෙන් මම පණ වුණත් දෙනවා''- කරුණා

මුස්ලිම් ජනතාව තමන්ගේ හතුරන් නොවන බවත් නමුත් දෙමළ ජනතාව වෙනුවෙන් තමන් පණ වුවත් දෙන බවත් දමිළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ අම්පාර කල්මුණේ ඔහුගේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේද කීවේය.

“අම්පාර දිස්ත්‍රික්කයේ ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් දිස්ත්‍රික්කයේ සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතුයි. ඒ සමඟිය මගින් නැඟෙනහිර පළාත් සභාව සඳහා දමිළ මහ ඇමැතිවරයකු පත්කර ගැනීමට කටයුතු කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානයද ඒ සඳහා සහයෝගය ලබාදිය යුතුයි.

එහෙත් වර්තමානයේදී දමිළ ජනතාව දෙමළ ජාතික සන්ධානයට කඩුපහර ලබාදී තිබෙනවා. මේ බව තේරුම් ගෙන දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ යුතුයි. හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නඟාසිටුවීම වෙනුවෙන් නුදුරේදීම විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා විදෙස් රටවල සිටින අපගේ ඥාතීන්ගේ උදවු උපකාර ලබාගැනීමට කටයුතු කිරීමට නියමිතයි. එහිදී ස්වයං රැකියා ක්‍ෂේත්‍ර වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කෙරෙනු ඇති.

අප ප්‍රදේශවල බොහෝ ගම්මාන ජනතාවට දේශපාලන දැනුමක් නැහැ. මත්පැන් බෝතලයට, මුදල්වලට යම් යම් පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කළ ජනතාවත් අප අතරේ සිටිනවා. නමුත් අද අපගේ ජනතාව වෙනසක් අපේක්ෂා කරනවා.

ඉදිරියේදී අප පළාතේ ක්‍රීඩා අංශය දියුණු කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහයෝගය ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ හැම ඉල්ලීමක්ම අපි ඉදිරියේදී ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලබනවා.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්