31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඇසක් අන්ධ වු මිහිරාජ් රජයෙන් වන්දි ඉල්ලයි

ඇසක් අන්ධ වු මිහිරාජ් රජයෙන් වන්දි ඉල්ලයි

ආබාධිත යුද හමුදා සෙබළුන් පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධවීම වෙනුවෙන් රජයෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ආබාධිත සෙබළෙක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

එය අද (15) ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ පෙත්සම 2021 වසරේ මැයි මස 4 වන දා විභාගයට ගන්නා බවය.

පෙත්සම ඉදිරිපත් කළ ආබාධිත සෙබළා කියා සිටින්නේ, සිය විශ්‍රාම වැටුප් ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා 2017 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට ආබාධිත සෙබළුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකළ බවය.

එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බව පෙත්සම්කරු චෝදනා කරයි.

මේ තුළින් තමා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පවසන පෙත්සම්කරු එම ක්‍රියාව තුළින් පොලීසිය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්