31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලක විභාගය ඇරඹේ

විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලක විභාගය ඇරඹේ

අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආනන්දි සසීදරන් යන අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන බී. ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල අද (15)  මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

එහිදී උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අන්තෝනිපිල්ලේ පතිනාදන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හිටපු ලේකම් සිවලිංගම් සත්‍යසීලන් යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට (16) දින දක්වා කල්තැබුණි.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්