31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ව්‍යාජ හැඳුනුම්පත් සාදා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නේ ආචාර්ය ප්‍රියාත් බන්දුදැයි සැකයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මාධ්‍ය හැදුනුම්පත වංචනික ආකාරයෙන් සකස් කිරීමක් පිළිබඳව මේ වන විට අප වෙත වාර්තා වී තිබේ.ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ සේවක අංක 09553 යටතේ සේවය කරන ප්‍රදීප් සංජීව නැමති පුද්ගලයා මෙලෙස ව්‍යාජ ලෙස කුඨ ලේඛන සකස් කරමින් මාධ්‍ය හැදුනුම්පතක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.

මෙකී පුද්ගලයා වෘත්තියෙන් පරිඝණක ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරන අතර වරින් වර දේශපාලනික සම්භන්දතා මත නාගරික සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ඒකකයට අනියුක්තව කටයුතු කර තිබේ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් කිසිම අවස්ථාවක පරිඝණක ක්‍රියාකරුවෙකු වෙත මාධ්‍ය හැදුනුම්පත ලබා නොදෙන බව දන්නා මෙම තැනැත්තා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති ආයතනික හැදුනුම්පත වෙනස් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කුඨ ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ සදහා ඔහු යොදාගෙන ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය පැවති සමයේ (2010 – 2014) ආයතනය විසින් ලබා දුන් අනුක්‍රමික අංක 0072 දරණ හැඳුනුම්පතයි.එම හැඳුනුම්පත ස්කෑන් කර පරිඝණක ආශ්‍රයෙන් ඔහුගේ තනතුර වෙනුවට වීඩියෝ සංස්කාරක ලෙස තනතුරක් යොදා එහි පිටපතක් ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇත.එම පිටපත ආයතනයේ මානව සම්පත් කළමනාකාරතුමිය රවටා අත්සන් කර ගන්නා මෙම පුද්ගලයා අයදුම්පත සමග එම පිටපත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

එලෙස කුඨ ලේඛනයක් සකස් කරන ප්‍රදීප් සංජිව නැමති මෙම පුද්ගලයා මේ වන විට වීඩියෝ සංස්කාරක ලෙස සදහන් මාධ්‍ය හැදුනුම්පතක් ලබාගෙන ඇත.

මෙම සිද්ධිය පිටුපස සිටින ප්‍රබලයා වන්නේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්යංශයේ ලේකම් ආචාර්ය ප්රියාත් බන්දුය. පසුගියදා මෙලෙස ව්‍යාජ හැඳුනුම්පත් යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයෙකු අත්අඩංගුවට පත් විය. මෙලෙස ව්‍යාජ හැඳුනුම්පතක් ලබාදීමට අවශ්‍ය ලිපි ලේඛන තම අත්සන යොදා සකසා ආචාර්ය ප්‍රියාත් බන්දු මෙම පුද්ගලයාව සේවයේ යෙදවීමේ අරමුණ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලීම ද යන ගැටලුව මේ වනවිට පැනනැග තිබේ.

මේ පිළිබඳව අපවෙත ලැබුණු සියලු සාක්ෂි සහිත ලිපි ලේඛන පහතින්,

 



Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්