31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන අලි සබ්රි ගෝඨාව හා මහින්දව ඇන්දූ හැටි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ ඇමතිවරුන්ම ඉන්පසු මාධ්‍ය ඉදිරියට පැමිණ එම කෙටුම්පත තුළ අඩංගු වගන්ති සම්බන්ධයෙන් විවේචන එල්ල කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසනවා. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබා දී ඇත්තේ ඔවුන්වත් නොදන්නා කෙටුම්පතකට බව එම විවේචනවලින් පැහැදිලි වන බවයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් පාලිත ලිහිණියකුමාර මහතා පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධන‍ය හරිහැටි අධ්‍ය්‍යනය නොකර, අඩුම තරමින් කියවා බලා හෝ නොමැතිව කැබිනට් මණ්ඩලයෙන් අනුමත වන්නේ නම් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ලිහිණියකුමාර මහතා පවසයි. මෙම සංශෝධනය ගෙනඒමට ආණ්ඩුවට දැඩි හදිසියක් තිබූ බවත්, එම හදිසියේ ප්‍රතිඵල දැන් ලැබී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ පසුව ආණ්ඩුවේ ඇමතිරුන්ම දිගින් දිගටම 20 ට ඇතුළත් වගන්ති විවේචනය කරන බැවින් අගමැතිවරයාට කමිටුවක් පත් කිරීමට සිදු වූ බවයි සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

මේ වනවිට මෙම කෙටුම්පත සකස් කළ පුද්ගලයෙකු හෝ සොයාගත නොහැකි බවත්, කෙටුම්පත කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ අධිකරණ ඇමතිවරයාද කෙටුම්පත සකස් කළ පුද්ගලයා පිළිබඳව නොදන්නා බවත් පෙන්වා දෙන පාලිත ලිහිණියකුමාර මහතා පවසන්නේ කැබිනට් මණ්ඩලය, අගමැතිවරයා, ජනාධිපතිවරයා නොමග යැවීම හේතුවෙන් අලි සබ්‍රි ඇමතිවරයා සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පාඨලී හඳුන්වා දුන් මංතීරු නීතිය වඩා සාර්ථක බව රජය පිළිගනී

බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද (23දා) සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ...

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

පාඨක අදහස්