31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මාදිවෙල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට ඉඩ මදි වෙයි

මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රාවස්ති මන්දිරය ඒ සඳහා යොදාගත හැකිද යන්න පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.

කොළඹ ශ්‍රාවස්ති ගොඩනැගිල්ලේද මන්ත්‍රීවරුන්ට කාමර පහසුකම් ඇති අතර කොළඹ පැමිණි විට මෙහි නවාතැන් ගත් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස රැසක් අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඉඩමේ අලුතින් මහල් නිවාස ඉදිකිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව දැනට තිබෙන නිවාස සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබාදීමට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරන බව ඉහත ප්‍රකාශකයා කීවේය.

මේ අතර හිටපු මන්ත්‍රීවරුන් විසිදෙනෙක් මේ වනතුරු මාදිවෙල නිවාස යළි භාරදී නැතැයිද හෙතෙම පැවැසුවේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්