31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මංතීරු නීතියට බස් හිමියන්ගේ විරෝධය

බස් රථ මං තීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට පොලීසිය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ ඊයේ දින (15) කොළඹ දී පවති මාධ්‍ය හමුවකදී යි.

මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකලොත් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගනා බව ගැමුණු විජේරත්න මහතා පවසනවා.

බස් රථ මං තීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ගමන්කිරීම නීති විරෝදී බව පවසනවා. තවද පවත්නා නිතිය පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පැවසෙනවා.

ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක්ව තිබියදී මගීන් 60 – 70 ක් අතර ගෙනයන බස් රථ එය පසුපසින් යෑම ගැටලුකාරී බව වැඩි දුරටත් පවසනවා. තවද මංතීරු නීතිය හේතුවෙන් යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම පොලීසිය ගතයුතු බවත් සඳහන් කරනවා.

මංතීරු නීතියේ තිබෙන ගැටළු මගහරවා ගැනීමට පොලිසිය හා ප්‍රවාහන සංගම් එකතුකර සාකච්ඡාවක් කැඳවන්නැයි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා සඳහන් කරනවා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්