31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන නවුෆර් CIDයට පැමිණි අයුරු

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන නවුෆර් CIDයට පැමිණි අයුරු

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්ය සහ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති නව්ෆර් මවුලවි නමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට අනුයුක්ත පොලිසි ඒකකය හමුවට කැඳවාගෙන එනු ලැබී ය.

ඒ, ඔහුගෙන් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොමිෂන් සභාවෙන් ලද උපදෙස්වලට අනුව ය.

උදෑසන 9.30 ට පමණ පොලිස් ඒකකය හමුවට පැමිණවූ නව්ෆර් මව්ලවිගෙන් පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවේ ය.

පසුගිය ජූලි 28 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේ, ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නිර්මාතෘ ‘නව්ෆර් මවුලවි’ බවය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්