31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ක්‍රීඩා බංගලාදේශ - ශ්‍රී ලංකා තරගාවලිය අහෝසි වෙයි.?

දින 14ක නිරෝධායන කාලසීමාවක් පැණවුවහොත් තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී – නස්මුල් හසන් පවසයි.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ දින 07 ක නිරෝධායන කාලසීමාවකට පමණක් එකගවිය හැකි බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය රෙගුලාසි අනුව විදේශයක සිට මෙරටට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත්වේ.

Cricbuzz වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යවන ලද ජෛව ආරක්ෂණ සැලැස්මේ දැක්වෙන පරිදි, යෝජිත දින 14ක නිරෝධායනය ඔක්තෝබර් 12දා අවසන් වීමෙන් පසුව දින 5ක් පුරාවට පුහුණුවීම් වල නිරත වීමට බංගලාදේශ කණ්ඩායමට හැකිවේ. ඉන්පසුව, ඔක්තෝබර් 18-20 දින වලදී ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පුහුණු තරගයක නිරතවී, දෙදිනක විවේකයක් ලැබීමෙන් පසුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 23 වනදා ආරම්භ වීමට නියමිතය.

කෙසේවෙතත්, බංගලාදේශය පවසා ඇත්තේ මෙම ආරක්ෂණ සැලැස්මට එකඟ නොවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇති බවත්, ඔවුන්ගේ ප්‍රතිචාරය ඉක්මනින් බලාපොරොත්තු වන බවත්ය. තවද, මීට පෙර ඔවුන් වෙත ලබාදුන් ආරක්ෂණ සැලැස්ම මීට වඩා වෙනස් බව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැමුන් පවසන බවද Cricbuzz සඳහන් කරයි.

නිරෝධායන කාලය තුළදී ඔවුන්ට පුහුණුවීම් වල නිරත වීමට හෝ අභ්‍යන්තර සංචිත සමග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඔවුන්ට කලින් ඒත්තු ගැන්වුනු බව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහිදී සඳහන් කරයි. ඒ අනුව, ඔවුන්ගේම වියදමින් ජාතික කණ්ඩායම සමග ඉහළ කාර්ය සාධන ඒකකයක් ද සංචාරයට ඇතුළත් කිරීමට ඔවුන් තීරණය කර තිබුණි. කෙසේවෙතත්, ක්‍රිකට් ක්‍රීඩකයින් 30 කට වඩා වැඩි පිරිසකට නවාතැන් පහසුකම් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කිරීමත් සමග ඉහළ කාර්යසාධන සංචිතයේ ක්‍රීඩකයන් සංඛ්‍යාවද සීමාවී ඇති බව Cricbuzz වැඩිදුරටත් වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී – නස්මුල් හසන් මෙලෙස අදහස් දැක්වූ බව Cricbuzz වාර්තා කරයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉරිදා දින ලබා දුන් කොන්දේසි වලට අනුව අප කණ්ඩායමේ කිසිවෙකුට දින 14 ක් පුරාවට කෑම ගැනීමට පවා සිය කාමර වලින් පිටතට යාමට අවසර නොලැබේ. මේ පිටුපස යම් හේතුවක් ඇතැයි අපට හැඟී යයි. අප නොදන්නා මට්ටමකින් Covid-19 සම්බන්ධයෙන් ඔවුන් දුෂ්කර තත්වයකට මුහුණ දෙන බව අපට හැඟී යයි. කෙසේවෙතත් ඔවුන් එහි දේශීය තරග ක්‍රීඩා කරන නමුත්, අපට මෙවැනි සීමාවන් පැනවීමට උත්සාහ කරයි.”

“අප කණ්ඩායම සිටින්නේ දඹුල්ලේ. කොළඹ නොවෙයි. එසේ වුවත් අප කණ්ඩායමට සිය කාමර වලින් පිටතට පැමිණීමට අවසර නැත. මේ නියමයන් පුදුම සහගතයි. පුහුණුවීමේ පහසුකම් පිළිබඳව කතා කළහොත් ඔවුන් දැල තුළ පන්දුයවන්නන් පවා ලබා නොදෙන අතර, අපට ගෙනයාමටද ඉඩ ලබා නොදෙයි. මෙය සෙල්ලමක් නෙමෙයි. මෙය ICC ටෙස්ට් ශූරතා තරගාවලියක්. අප මේ ගැන සිතන ආතාරයේ විශාල වෙනසක් තිබේ.”

මෙවැනි කොන්දේසි යටතේ ටෙස්ට් තරගාවලියක් තරග කිරීමට නොහැකි බවත් අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරක් බලාපොරොත්තු වන බවද හසන් පවසා තිබේ.

කෙසේවෙතත්, පිළිතුරක් සඳහා වැඩිකාලයක් බලා නොසිටින බවත්, මෙවැනි තත්ත්වයක් යටතේ ක්‍රීඩා කළ නොහැකි බව දැනටමත් තීරණය කළ අවසන් බැවින් සිය ක්‍රීඩකයන් යළි පිටියට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්