31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සූදු ක්‍රීඩාකරමින් සිටි ලග්ගල ප්‍රා. සභාපති අත්අඩංගුවට

සූදු ක්‍රීඩාකරමින් සිටි ලග්ගල ප්‍රා. සභාපති අත්අඩංගුවට

සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ලග්ගල පොලීසියට ලැබුණු තොරතුක් මත ඊයේ (15) අලුයම 2.30ට පමණ එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා ඇතුළු පිරිසක් බවත්, ඔවුන් සතුව තිබී රුපියල් 24,000කට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයෙන් පළා යෑමට සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීම සඳහා විවිධ බලපෑම් සහ ඉල්ලීම් කළ බවද, පොලීසිය සඳහන් කළේය.

මේ අතර ප්‍රාදේශීය සභා සභාපතිවරයා සමග අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇති බව වාර්තා වේ.

එලෙස හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සහ ගංජා ජාවාරම්කරුවෙකු වන සුරංග දිසානායක නොහොත් “යකා“ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්