31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ආර්ථික පොල් ගෙඩියක මිල රු. 100 දක්වා ඉහළ යයි

පොල් ගෙඩියක මිල රු. 100 දක්වා ඉහළ යයි

කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස පොල් ගෙඩියක මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ පොල් අස්වැන්න මෙම කාලයේදී අඩු නිසා යම් පමණක මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බවයි. නමුත් පොල් සංවර්ධන මණ්ඩලයෙන් හා කෘෂිකර්ම මධ්‍යස්ථානවලින් පොල් ගෙඩියක් රුපියල් හැටට, හැත්තෑවකට මිලදී ගත හැකි බවද සභාපතිවරයා පැවැසීය.

පොල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා සහතික මිලක් සටහන් කිරීමට තවමත් අවශ්‍යතාවක් පැනනැඟී නැති බවද පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා කීය.

කෙසේ වෙතත් මේ වනවිට බොහෝ ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 70,80,90 සහ 100 ආදී ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරනු ලැබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්