31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන කැබිනට්ටුවෙනුත් දොට්ට විසි වූ නාලක ගොඩහේවා පාඨලීගේ පිහිට පතයි

කැබිනට් ඇමති ධූරයක් දැරීමට සුදුසුකමක් නැති පුද්ගලයෙකු ලෙස සලකා රාජ්‍ය අමාත්‍යකමක් පමණක් ලැබුණු නාලක ගොඩහේවා තම කීර්තිය කෙසේ නංවාගෙන ඉදිරියේදී කැබිනට් ඇමතිකමක් ඩැහැ ගැනීමට ලකුණු දමා ගැනීමේ ‘කැම්පේන් එකක්’ මේ වනවිට අරඹා තිබේ.

ඒ හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකරන ලද දැවැන්ත ව්‍යාපෘති වල නිරීක්ෂණ චාරීකාවේ ගොස් ඒවායේ රූපරාමු හා පින්තූර රූපවාහිනිය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රචලිත කරමින් එම ව්‍යාපෘති වලට තමන්ගේද දායකත්වයක් ඇති බව උඩු බුරණ සුනඛ ස්වරයෙන් තැන් තැන් වලට ගොස් පැවසීමෙනි.

මේ සඳහා ඔහු පළමු පියවර ලෙස අරුවක්කාලු කසල අංගනයේ නිරීක්ෂණ චාරිකාවක ගොස් එකළ විවේචනය කළ එම කසල අංගනයම තමන්ගේ නම ගලවා ගැනීමට භාවිතා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු පහත පෝස්ටුවද ෆේස්බුක් ඔස්සේ පළකර තිබුණේ අමු හෙළුවෙන් වුවත් නම්බුකාර ලෙස රටවටේ යාමට තරම් උගත් මෝඩකමක් තමන් සතුබව ලොවටම පෙන්වමිණි.

නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ,අපද්‍රව්‍ය බැහැරලීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා…

Posted by Nalaka Godahewa on Monday, September 14, 2020

කැබිනට් ඇමති ධූරයක් අහිමිවීම ගැන ඉතා කනගාටුදායක ලෙස ගෙවා දැමූ නාලක ගොඩහේවාට අලුත් අදහසක් පහළ වී ඇත්තේ මෙය ජනතාව අතර තම නම ගෙනයාමට හොඳම ක්‍රමයක් යන විශ්වාසය නිසාවෙනි.

තමන්ට ලකුණු දමා ගන්නට තිබේනම් සරම උස්සා මුහුණ වුවත් වසාගැනීමට සූදානම් ගොඩහේවා මැතිවරණයට පෙර සිතුවේ ගෝඨාභය ජනාධිපතිතුමා තමන්ව අග්‍ර පුරෝහිත කරගනු ඇති බවයි.

ඒ නිසා වියත්මග ඔස්සේ රටපුර ගොස් මුසාබස් දෙඩූ හෙතෙමට යන-එන-මං නැතිවුයේ පුරෝහිතකම තබා තමාගේ පිඟන් හේදීමටවත් නාලක ගොඩහේවා ලංකර නොගත යුතු බව ජනාධිපතිවරයා තේරුම් ගැනීමෙන් පසුය.

පාඨලී චම්පික රණවක මහතා අරුවක්කාලු කසල අංගනය ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට මීට වසර දෙකකට පෙර ගිය අවස්තාව පහත පෝස්ටුවෙන් දැක්වේ.

පුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (09), වනාතවිල්ලුව…

Posted by Patali Champika Ranawaka on Saturday, September 8, 2018

අරුවක්කාලු කසල අංගනයට කසල බැහැර කිරීම පාඨලී චම්පික රණවක මහතා ඇමතිවරයාව සිටින සමයේම ආරම්භ වූ අතර ඊට එරෙහිව පුත්තලමේ මුස්ලිම්වරු පාඨලීගේ පින්තූර පුච්චමින් දැවන්ත විරෝධතා රැලි කිහිපයක්ද මෙහෙයවන ලදි. ඒත් ඒව කණකට නොගත් පාඨලී සාර්තක ලෙස කසල මෙම අංගනයට බැහර කිරීම සිදු කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පාඨලී හඳුන්වා දුන් මංතීරු නීතිය වඩා සාර්ථක බව රජය පිළිගනී

බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද (23දා) සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ...

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

පාඨක අදහස්