31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රැඳවියන් විශාල පිරිසකට ස්ථාන මාරු

රැඳවියන් විශාල පිරිසකට ස්ථාන මාරු

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දහසකට ආසන්න පිරිසක් නව බෝගම්බර බන්ධාගාරය වෙත මාරු කර යැවීමට නියමිතව තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (පාලන), චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ ඇති වී තිබෙන තදබදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විට සිරකරුවන් 3,000කට ආසන්න ප්‍රමාණයක් රඳවා තිබේ.

ඊට අමතරව, කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට නියමිතය.

ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දළුපොත බන්ධනාගාරය, කෑගල්ල බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය තුළ මෙලෙස රැඳවියන්ගේ තදබදය වැඩි වීම හේතුවෙන් සමාජ දූරස්ථකරණය ගැටලුවක් වී ඇති බවය.

අලුත්වැඩියා කරමින් පවතින පැරණි බෝගම්බර බන්ධනාගාරය ද මේ වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන කටයුතු සඳහා යොදාගෙන තිබේ.

කෙසේ වෙතත්, ඒ ආසන්නයේ ම නව බන්ධනාගාරයක් ඉදිකර ඇති අතර ඊට වැලිකඩ බන්ධනාගාර රැඳවියන් මාරු කර යවනු ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්