31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ගංජා විකිණූ හිමිනමක් අත්අඩංගුවට

ගංජා විකිණූ හිමිනමක් අත්අඩංගුවට

නෙළුව ප්‍රදේශයේ, විහාරස්ථානයක චීවරධාරියෙකු කේරළ ගංජා සමග ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හිමිනමක විහාරස්ථානයක ගංජා පානය කරන බවට සහ විකිණීමේ නිරත වන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදීය.

ඒ අනුව, එම විහාරස්ථානයේ ආවාස ගෙය පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා පැකට් කිහිපයක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් චීවරධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගංජා ප්‍රවාහනය කිරීම සඳහා උදව් කළ පුද්ගලයෙකු නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ගංජා ප්‍රවාහනය කිරීමට උදව් කළ පුද්ගලයා ද විහාරස්ථානයේ සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා පැකට් තුනක් හමුවී තිබේ.

අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ලබා දුන් පුද්ගලයා පිළිබඳව ද සිදු කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී ඇති අතර උපාය දූතයෙකු යොදවා ජාවරම්කරුගෙන් ගංජා මිල දී ගැනීමට සලස්වා ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර චීවරධාරියා 21 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා 21 හා 23 යන වයස්වල පසුවන බව පොලිසිය පවසයි.

අත්ඩංගුවට ගත් ජාවාරම්කරු, පාසල් ළමුන් සහ පිරිවෙන් හිමිවරු ඉලක්ක කර ගනිමින් කලක සිට මෙම ජාවරමේ නියැලී සිට තිබේ.

සැකකරුවන් අද (16) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙළුව පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්