31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබළෙකු සියදිවි නසා ගනී

පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබළෙකු සියදිවි නසා ගනී

අනුරාධපුරය, තන්තිරිමලේ පිහිටි 5 වන ජාතික ආරක්ෂක බලමුළුව යුද්ධ හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබළෙකු අද (16) අලුයම සිය දිවි හානි කරගෙන තිබේ.

එම සෙබළා මීට දින 3කට පෙර එම කඳවුරේ පුහුණුව සඳහා බැඳී ඇත.

ඔහු නොච්චියාගම, රනෝරාව, ළිඳවැව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බව අප වර්තාකරු සඳහන් කළේය.

සියදිවි හානි කර ගැනීමට පෙර ඔහු අලුයම 1.30 ට පමණ සිය ජංගම දුරකතනයෙන් බාහිර තැනැත්තෙකුට ඇමතුමක් ලබා ගෙන ඇති අතර පසුව එම ජංගම දුරකතනය පොළවේ ගසා හානි සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, සිය දිවි නසා ගැනීමට හේතුව පෞද්ගලික හේතුවක් බවට පොලිසිය සැක පළ කරයි.

දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර තන්තිරිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්