31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ආර්ථික කිසිදු පාලනයක් නැති බත් පැකට්ටුවක මිල අහස උසට නගී

කිසිදු පාලනයක් නැති බත් පැකට්ටුවක මිල අහස උසට නගී

සහල්, එළවළු, අලුත් මාළු, කරවල, පොල්, බිත්තර හා අර්තාපල් ඇතුළු ආහාර වේලක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිසිදු පාලනයකින් තොරව විටින් විට ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවන්ට මුහුණදී සිටිති. හෝටල් හා බත්කඩ ඇතුළු ආහාර අලෙවිකරුවෝ තමන්ට හිතුමතේ වරින් වර බත් පතේ මිල ඉහළ දැමීමෙන් කොළඹ හා ඒ අවට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන විශාල පිරිසක් දැඩි පීඩනයකට පත්ව ඇතැයි වාර්තාවේ.

පවතින වැසි සහිත කාලගුණය නිසා වෙළෙඳපොළට සැපයෙන සහල් තොග සීමාවීම හේතුවෙන් නාඩු, සම්බා හා කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 105 සිට 120 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර සහල් නිෂ්පාදන සමාගම් සපයන තොග මිල ඉහළ යෑම නිසා රජය විසින් නියම කරන උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළ නොහැකි බව සහල් අලෙවිකරුවෝ පවසති. රුපියල් 90ට තිබූ ලොකු ළූණු කිලෝවක් රුපියල් 120ත් 150ත් අතර මිලකටද රුපියල් 150ත් 160ත් අතර වූ අර්තාපල් කිලෝවක් රුපියල් 210ත් 220ත්ද පොල් ගෙඩියක් රුපියල් 80ත් 100ත්ද අලුත් මාළු කිලෝව රුපියල් 750ත් 1600ත්ද කරවල කිලෝව රුපියල් 750ත් 1300ත්ද බිත්තරයක් රුපියල් 22 සිට 25 දක්වාද වශයෙන් ඉහළ යෑම නිසා තම තුන්වේල පිරිමසා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍යවලින් සියයට 50ක්වත් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටින බව පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

රුපියල් 100කට මිල වූ එළවළු කෑම පිඟානක් මේ වනවිට රුපියල් 120 සිට 130 දක්වාද රුපියල් 150ක්ව තිබූ මාළු කෑම වේලක් රුපියල් 160 සිට 170ක්ද රුපියල් 160ක්ව තිබූ කුකුළු මස් සහිත කෑම වේලක් රුපියල් 180 දක්වාද ගතවූ දෙසතිය තුළ හෝටල් සහ බත්කඩ හිමියන් විසින් ඉහළ දමා ඇත. බොහෝ අලෙවිසල්වල බත්පතේ ප්‍රමිතියද පහත වැටී ඇතැයි පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

සිය දිවා ආහාරයට බත්වේලක් මිලදී ගැනීමට පුරුදු වී සිටින කාර්යාල සේවක සේවිකාවන්, වැඩබිම් සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු එදිනෙදා යැපීම සඳහා සුළු මුදලක් උපයා ගන්නා පිරිස් බත් වෙනුවට රුපියල් 100ක් වැයකර තෝසේ හෝ ඉඳිආප්ප අනුභවයට පුරුදු වී සිටිති. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ස්වල්පය හෝ දරාගත මිලකට ලබාගැනීමට හැකිවන ආකාරයේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන පාරිභෝගික ජනතාව ස්ථාන කිහිපයක රුපියල් 350කට ග්‍රෑම් 500 බැගින් වූ එළවළු වර්ග හයක් අලෙවියට තැබීමෙන් ජනතාව මුහුණපා සිටින අසීරුතාවෙන් නිදහස්වීමට හැකියාවක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්