31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොවිඩ් දෙවන රැල්ලක අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නෑ

කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් කොවිඩ් දෙවන රැල්ලක තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවයි.

මේ හේතුවෙන් නොසැලකිලිමත්කම සහ නොතකා හැරීම් වෙනුවට සැම මොහොතකම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනයක් පවත්වා ගැනීමට සියලුදෙනා වගබලාගත යුතු බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමාපියන්, ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු සමස්ත ප්‍රජාව මේ වන විට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධ තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.

දරුවන් පාසල් සදහා යොමු කිරීමේදී ප්‍රවාහන, ආපන ශාලා ඇතුළු දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවස්ථාවකම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සමාජ වගකීම පාසල්වල බලධාරීන්ට පැවරෙන බව එම අමාත්‍යංශ්‍ය පෙන්වා දෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්