31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ව්‍යාජ අංක තහඩු සහ කඩු සමඟ තංගල්ලේ හිටපු මන්ත්‍රි අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහ කඩු සමඟ තංගල්ලේ හිටපු මන්ත්‍රි අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු දෙකක් සහ නීති විරෝධී තහනම් කඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන තංගල්ල නගර සභාවේ හිටපු මන්ත්‍රි කෙනකු පෙරේදා (15දා) පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉදිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.

නීති විරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ තංගල්ල ඉදිපොකුණගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසෙහි තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.

දිගින් අඩි දෙකයි අඟල් දෙකක් සහ දිගින් අඩි දෙකයි අඟල් හයක් වන තලය සහිත කඩු දෙකක්, කහ සහ සුදු පැහැ ව්‍යාජ අංක තහඩු දෙකක් මෙලෙස අත්අඩංගුවට ගත් බව නිලධාරීහු කියති.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු කරන බව විශේෂ කාර්ය බළකා නිලධාරීහු කියති.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්බලන්තොට කඳවුරේ පොලිස් පරීක්ෂක ගයාන් පෙරේරා, උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ෂාන්, පොලිස් කොස්තාපල් බුද්ධික (69256), සරත් (75171), කටුලන්ද (87949) අතපත්තු (92303) සහ පොලිස් කොස්තාපල් රියැදුරු නයනජිත් (39612) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්