31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව ක්‍රීඩා රෝහිත් ෂර්මාගේ හයේ පහර වාර්තාව

රෝහිත් ෂර්මාගේ හයේ පහර වාර්තාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (23දා) කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 49ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වූයේ මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය සටහන් කරමිනි. එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමඟින් අයි.පී.එල්. ඉතිහාසයේ යම් ප්‍රතිවාදියකුට එරෙහිව වැඩිම ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම ලෙසින් (කල්කටා නයිට්රයිඩර්ස් පිලට එරෙහිව අයි.පී.එල්. ජයග්‍රහණ 20ක් මුම්බායි පිල සතුවේ.) මුම්බායි පිල වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි.

තවද මුම්බායි නායක රෝහිත් ෂර්මා අයි.පී.එල්. තරගාවලි තුළ හයේ පහර 200ක් වාර්තා කළ සිවුවැනි පිතිකරුවා ලෙසින්ද වාර්තා අතරට එක්වූ අතර මුම්බායි පිලේ තුන් ඉරියව් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ්ගේ 150 වැනි අයි.පී.එල්. තරගය වූයේද මෙයයි.

අබුඩාබිහි සෙයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කල්කටා නායක දිනේෂ් කාර්තික් පළමුව පන්දුවට පහරදීම සඳහා මුම්බයි පිලට ආරාධනා කළේය. ඒ අනුව මුම්බායි පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට රැස්කරගත් ලකුණු 195ට පිළිතුරු සැපැයූ කල්කටා පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට රැස්කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණි.

මෙහිදී මුම්බායි පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ රෝහිත් ෂර්මා පන්දු 54කදී හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේය. තරගයේ වීරයා ලෙස රෝහිත් ෂර්මා සම්මාන දිනා ගත්තේය.

ලකුණු සාරාංශය

මුම්බායි ඉන්දියන්ස් _ 195/5 (20) (රෝහිත් ෂර්මා 80, සෞම්‍යය කුමාර් යදාව් 47)

කල්කටා නයිට් රයිඩර්ස් _ 146/9 (20) (පැට් කමින්ස් 33, දිනේෂ් කාර්තික් 30)

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්