31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට කුමක් වේද ?

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට කුමක් වේද ?

කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිර්දේශය ලැබුණු විගස ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් දින වකවානු නියම කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ඊයේ (24) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දන්වා තිබෙනවා ඒ අයට අවශ්‍ය කරන්නේ මොනාවද යන්න. බංග්ලාදේශ කණ්ඩායම සංචාරය සඳහා පැමිණෙන්නේ සුමාන තුනකට පෙර. ඒ සුමාන තුන සඳහා එන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ගෙවීමක් කරලා, දැනට බංග්ලාදේශ කණ්ඩායම සංචාරය පටන්ගන්න කලින් මෙහෙ පුහුණුවීම් ආරම්භ කරන්න තමයි එයලාගේ බලාපොරොත්තුව. ඒ අයගේ අවශ්‍යතාවයන් ඒ අය අපිට දන්වලා තිබෙනවා ලිඛතව. ඒ අය දන්වපු ඉල්ලීම් අපි දන්වලා තිබෙනවා බලධාරීන්ට,“ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තා විය.

මීට පෙර ප්‍රකාශයට පත් කර තිබු ණේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ඇරඹෙන බවය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්