31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව දේශපාලන විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත් වන බවත් හිටපු ‘කෝප්’ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති කියයි.

එකී ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන සමාගම්වල වාර්ෂික ආදායම රුපියල් කෝටි 32,471ක් වන අතර ඒවා විගණන කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වීම නිසා මූල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දැමීමක් වන බවද හිටපු ‘කෝප්’ කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (27දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ හඳුන්නෙත්ති මහතා තවදුරටත් සඳහන් කළේ රටේ මහජනතාවගේ මුදල් කොල්ලකෑමට සුජාතභාවයක් හැදීමට අවශ්‍ය සමස්ත පසුබිම නිර්මාණය කිරීමට ගෙන එන 20 වැනි සංශෝධනයට මහජනතාව විරුද්ධ විය යුතු බවය.

මීට පෙර විගණන කොමිසමක් තිබියදී රටේ මහ පරිමාණ වංචා දූෂණ සිදුවූයේ නම් 20න් රූකඩයක් බවට පත්ව සිටින විගණකාධිපතිවරයකු යටතේ රට තුළ කෙසේ වංචා දූෂණ සිදුවේදැයි ඔහු ප්‍රශ්න කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්