31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කාන්තාවක පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රථය 'කුණු ඇළට' පෙරළෙයි

කාන්තාවක පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රථය ‘කුණු ඇළට’ පෙරළෙයි

ගාල්ල, බස්නැවතුම්පළ අසල සිටි කාන්තාවක ඊයේ (27) රාත්‍රී පැහැරගෙන රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් කුණු ඇළට පෙරළී තිබේ.

අදාළ කාන්තාව ඊයේ (27) රාත්‍රී 11.00ට පමණ තම සැමියා එනතුරු ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසළ රැඳී සිට ඇත.

ඒ අතරතුර එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක් අදාළ කාන්තාව බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයට නංවාගෙන, වේගයෙන් ධාවනය කර තිබේ.

එහිදී එම කාන්තාව ත්‍රීරෝද රථ රියැදුරා සමග පොර බදා ඇත.

එම අවස්ථාවේදී රථය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය ගාල්ල, හැව්ලොක් පාර අසල කුණු ඇළට පෙරළී තිබේ.

සිද්ධිය සැලවූ වහා ම එම ස්ථානයට ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ ඇති අතර එහිදී ත්‍රිරෝද රථයේ පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් එක් සැකකරුවෙකු 30 හැවිරිදි විවාහක අයෙකු බවත් අනෙක් සැකකරු 26 හැවිරිදි අවිවාහක අයෙකු බවත් පොලිසිය පවසයි.

පැහැර ගැනීමට ලක්වුණු කාන්තාව 23 හැවිරිදි ගාල්ල, වක්වැල්ල පාරේ පදිංචි දෙදරු මවකි.

අදාළ කාන්තාවගේ සැමියා සපත්තු මහන්නෙකු වන අතර ඇය තම සැමියා රේස් ඔට්ටු පොළකට ගොස් ආපසු පැමිණෙන තුරු බලා සිටින අතරතුර පැහැර ගැනීමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්