31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව ක්‍රීඩා මාලගමුවට රට යන්න අවසර

ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඊයේ (30) අවසර දුන්නේය.

‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට අවසර දෙන්නැයි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.

සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කළ බවට ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බලා විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙම නඩුවේ ඇප නියම කිරීමේදී තම සේවාදායකයාට එරෙහිව විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා නැතත් විදේශගත වීමට පෙර ඒ බව දැනුම් දීමට ඔහු අධිකරණයට පැමිණි බව දැනුම් දුන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඒ අනුව අදාළ තරගාවලියට සහභාගීවීම සඳහා විදේශ ගතවීමට ඔහුට අවසර දෙන්නැයිද ලබන 19 වැනිදා පැවැත්වෙන නඩු විභාගය ඔහු නොමැතිව පැවැත්වීමට අවසර දෙන්නැයිද අවසර ඉල්ලා සිටියේය.

ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩු විභාගය සඳහා ලබන 19 වැනිදා කැඳවීමට නියම කළේය.

පෙර ලිපිය පෙන්වන්නකටානේ කෝටි තුනක මංකොල්ලයක්
ඊළඟ ලිපිය පෙන්වන්න20ට ජනමත විචාරණයක් අවශ්‍යයි

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්