31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව තාක්ෂණික චක්‍රාවාට හයක් යෝධ කළු කුහරයක ග්‍රහණයට

විශ්වය ආරම්භයෙන් (මහා පිපිරුමෙන්) පසු ගත වූ පළමු වසර බිලියනය තුළ නිර්මාණය වූ බවට සැලකෙන චක්‍රාවාට 6කින් දැවැන්ත සුපිරි කළු කුහරයක් නිර්මාණය වන ආකාරය, VLT නමැති බලවත් දුරේක්ෂයක් ඇසුරින් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී තිබේ.

විශ්වයේ මුල් යුගයේදී සුපිරි දැවැන්ත කළු කුහර කෙසේ නිර්මාණය වී ද යන්න වටහාගැනීමට මෙතෙක් දැඩි වෙහෙසක් ගත් බවත් මෙම නිරීක්ෂණය මඟින් එම ගැටලුව නිරාකරණය වනු ඇති බවත් තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙවැනි සුපිරි කළු කුහර නිර්මාණය වීමේ ක්‍රියාවලිය අතිශය වේගවත් බව මේ වනවිට අවබෝධ කරගෙන ඇතත් ඒ වෙනුවෙන් අවශ්‍ය අති විශාල පදාර්ථ ප්‍රමාණය සපයාගනු ලබන ආකාරය මෙතෙක් පැහැදිලි වී නැත.

තම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද චක්‍රාවාට වසර මිලියන 900ක් පමණ වයස් කාණ්ඩයට අයත් බවට විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත. මෙතරම් පැරැණි චක්‍රාවාට නිරීක්ෂණය කිරීමේ අවස්ථාව තාරකා විද්‍යාඥයන් හට ලැබුණේ පළමු වරට යැයි එම කණ්ඩායමේ සංස්කාරක මාර්කෝ මිග්නොලි නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම තොරතුරු පළ වී ඇත්තේ, ඔක්තෝබර් 1 වැනිදා නිකුත් වූ Astronomy & Astrophysics තාරකා භෞතික විද්‍යා සඟරාවේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්