31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව ක්‍රීඩා තිසරට හා චන්දිමාල්ට උසස්වීම්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් රෝගී ලක්ෂණ වලින් තොරව වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (09) දිනයේදී මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 30දෙනෙකු හදුනා ගැනුණි.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1083කි.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 3296 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1214 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අනුයුක්තව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපල වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් – 19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන් දෙපලගේ ඉදිරි අනාගතය සඳහා සිය සුබපැතුම් පිරිනැමීය.

මේ වනවිට මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ද මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙත දායකත්වය ලබාදෙති.

ජාත්‍යන්තර වශයෙන් විශේෂ දක්‍ෂතා පෙන්නුම් කර ඇති මෙම ක්‍රීඩකයින් දෙපළ දේශිය හා විදේශිය තරඟ වාර්තා කිහිපයකට හිමිකම් ලබා ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය) සහ යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති හා ප්‍රධාන සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර සහභාගී වූහ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්