31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව තාක්ෂණික වෛරසය මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන මත දින 28ක් පැවතිය හැකියි

නව කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයට දින 28ක කාලයක් එලෙස පැවතිය හැකි බවයි.

වික්ටෝරියා හිදී සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයට සීතල උෂ්ණත්වය මතද වෛරසය වඩා හොදින් නොනවැසි පවතින බවයි.

එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය නොනවැසි පවතින බවට අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනවැසි පැවතිය හැකි බවට මෑතකදී සිදුකළ අධ්‍යනයකින් හෙළිවී ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කළේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි.

“ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට දින 17ක කාලයක් පෘෂ්ඨයන් මත නොනවැසි පැවතීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව SARS-CoV-2 හෙවත් කොරෝනා වෛරසය කොතරම් භාහිර පරිසරයේ ගැවසීමේ ඇති හැකියාව ගැන අපට අවබෝධයක් ගන්න පුළුවන්.

වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වනවා” යැයි වෛද්‍ය ඩේබි ඊගල්ස් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්