31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව ආර්ථික මිල අඩු කළත් සහනය දෙන්න සති දෙකක් යනවා

පරිප්පු, සීනි, ලොකු ළුෑණු සහ ටින් මාළු වල ආනයනික බදු ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළාය.

එහි සෝදුපත් පරීක්ෂා කිරිම සඳහා ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරියට මේ වන විට යොමු කර තිබේ.

එය අනුමත වී පැමිණි පසු අදාළ ගැසට්ටුව මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කර සිටී.

මේ අතර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් කියා සිටියේ රජය අඩු කළ මිලට භාණ්ඩ ලබාදීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බවයි.

එමෙන්ම, අඩුකළ මිලට අලෙවි කිරීම සඳහා භාණ්ඩ තමන්ට නොලැබෙන බව වෙළදුන් කිහිපදෙනෙකු ද ප්‍රකාශ කළහ.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ද මෙලෙස අදහස් දක්වා සිටියහ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්