31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව දේශපාලන "20 පැත්තක තබා සෞඛ්‍ය පනතක් ගේන්න"- සජිත්

විසි වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට දින දෙකක විවාදයකින් ප්‍රජාතන්ත්‍ර විරෝධී විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඇති කඩිමුඩිය මේ මොහොතේ අත්‍යවශ්‍ය තිරසර සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට නොමැතිවීම කනගාටුවට කරුණකැයි විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ මොහොතේ ආණ්ඩුව කළ යුතු වන්නේ නිශ්චිත ජනතා අවශ්‍යතාව හඳුනා ගෙන කටයුතු කිරීම බවත් බල ලෝභය සහ හුදු ජනප්‍රිය දේශපාලන උපාය උපක්‍රම හේතුවෙන් ජනතා අපේක්ෂාවන් යට ගොස් පටු අරමුණු ඉස්මතු වී ඇති බවත් පළමුවැනි කොරෝනා රැල්ලෙන් බැට කෑ අපි දෙවැනි රැල්ල සමඟ තවත් බරපතළ කඩා වැටීමක් අද්දරට ගෙනැවිත් ඇති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ජනතාව දුන් වරම අයුතු ලෙස උපයෝගි කර ගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමනකට රජය යොමුව ඇති බවත් රට බරපතළ ව්‍යසනයක සිටියදී අවශ්‍යයෙන්ම කළයුතු දේ රජය හිතමතා පසෙකට දමා ඇතැයිද කියයි. අද රටට අවශ්‍ය වන්නේ තිරසර සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම බවත් එවැනි ජනතාවාදී ශක්තිමත් පනතක අවශ්‍යතාව ඉදිරියේදී වඩාත් රටට දැනෙන බවද ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්