31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව තාක්ෂණික රෝහිත රාජපක්ෂලා ප්‍රෝඩාවන් මවා පාද්දී අභ්‍යවකාශය ජයගැනීමට වෙරදරන ලාංකික සිසුන්

ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් සිදුකළ අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ නව නිර්මාණයක් නාසා ආයතනය මගින් පිළිගෙන තිබේ.

එම නිර්මාණය වන්නේ, අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ කෙරෙන “ස්පේස් ඩොකිං සිස්ටම්” යනුවෙන් හඳුන්වන පද්ධතිය නව සැලසුමකට අනුව නිර්මාණය කිරීම ය.

අභ්‍යවකාශ ක්ෂේත‍්‍රයේ නව නිර්මාණ කෙරෙහි අවධානය යොමුකරන නාසා ආයතනය එක් එක් රටවල තරගාවලි සංවිධානය කර ලොව පුරා නව නිර්මාණකරුවන් සොයගනු ලබයි.

ඒ අනුව, ලංකාවේද පළමු වරට එවැනි තරගාවලියක් පසුගියදා සිදුකරනු ලැබුවේ, අභ්‍යවකාශ විෂයට ලාංකික සිසුන් තුළ ඇති උනන්දුව හේතුවෙනි.

නාසා ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කළ එම තරගාවලියට නව කණ්ඩායම් 58ක් ඉදිරිපත් වී ඇත.

NASA SPACE APPS COLOMBO යනුවෙන් සංවිධානය කරන ලද එම තරගාවලියට අභ්‍යාවකාශ ක්ෂේත්‍රයට අදාළ නව නිර්මාණ විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණි.

“ස්පේස් ඩිසයිනර්ස්” නැමැති කණ්ඩායම එහි දී ජයග්‍රහණය හිමිකරගත්තේය.

ලොව පුරා විශ්ව විද්‍යාල කිහිපයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5දෙ‍නෙකු සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු එම කණ්ඩායමට ඇතුළත්ය.

මෙම ජයග්‍රාහී කණ්ඩායමට “NASA SPACE APPS” ජාත්‍යන්තර තරගාවලියට තරග කිරීමට සුදුසුකම් ලබාගෙන තිබේ.

“ස්පේස් ඩිසයිනර්ස්” කණ්ඩායමේ සාමාජික ගුවන් යානා ඉංජිනේරු සමීර අමරකෝන් සිසුවා සිය නිර්මාණය සම්බන්යෙන් “අද දෙරණ” සමග අදහස් දැක්වීය.

එහිදි ඔහු පැවසුවේ, අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ කෙරෙන ස්පේස් ඩොකිං සිස්ටම් යනුවෙන් හඳුන්වන පද්ධතිය මෙතෙක් පැවතියේ 1966 වසරේදී නිර්මාණය කළ සැලසුමකට අනුව බවය.

වසර ගණනක් පැරණි එම ක්‍රියාවලිය සිය කණ්ඩායම විසින් වඩාත් වැඩිදියුණු කර ආර්ථිකමය වශයෙන් ඵලදායි ලෙස යොදා ගතහැකිවන පරිදි නිර්මාණය කළ බවද ඔහු පැවසීය.

සිය නව නිර්මාණය ගගනගාමීයාට ද වඩාත් පහසුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්