31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව දේශපාලන පවිත්‍රාගේ බලපෑමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට හිතවතෙක්

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැර කනිෂ්ඨ නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම වහා නිවැරැදි කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන් ඊයේ (28 වැනිදා) ලිඛිතව ඉල්ලීමක් කළේය.

එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඉදිරිපත් කළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම පත් කිරීම මගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොට්ට කාසි බවට පත්වන බවය.

ආණ්ඩුව බලයට පත්වී ඉතා සුළු කාලයකදී අදාළ ඇමැතිවරිය නොදැන අමාත්‍යාංශ පාලනය කිරීමට යම් නිලධාරියකු උත්සාහ කරන්නේ නම් එම අමාත්‍යාංශයට ඇමැතිවරයකුගේ අවශ්‍යතාවක් නොමැති බවද එම ලිපියේ දැක්වේ.

මෙම වරද නිවැරැදි කිරීමට වහා කටයුතු කළ යුතු බවත්, ඒ ඇමැතිවරියට ක්‍රියාමාර්ගයක් ගැනීමට අපහසුතාවක් ඇත්නම් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්