31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව ක්‍රීඩා මුම්බායි ජයග්‍රහණය කළේ දිල්ලි කණ්ඩායම තරඟය පාවාදුන් නිසාද.?

අද පැවති ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පස්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු පහකිනි.

මෙතෙක් තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම අවසන් මහා තරඟයේදී ඉතා දුර්වල තරඟ විලාශයක් පෙන්නුම් කරනු ලැබීය. දිල්ලි ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකුම චෝදනා කරන්නේ ඔවුන් තරඟය පාවා දී ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අයි.පී.එල්. තරගාවලිය, ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ කල් දැමුණු අතර අවසානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කෙරිණි.

මාස එකහමාරකට අධික කාලයක් තිස්සේ ඩුබායි, අබුඩාබි, සාජා ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් පැවති තරගාවලියේදී පළමු වරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එහෙත් ඉතිහාසය පුරා සාර්ථකම කණ්ඩායම වූ මුම්බායි කණ්ඩායම හමුවේ ඔවුන්ට අනුශූරතාවයෙන් සැනසීමට පත්වීමට සිදුව තිබේ. මෙවර තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක අවස්ථා හතරකදී තරග කළ අතර එම තරග හතරම ජය ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වීමද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණය එතරම් සුබදායී නොවූයේ ලකුණු 22 ක් වනවිට ඔවුන්ගේ පළමු කඩුලු 03 ම දැවී යාම හේතුවෙනි. කෙසේ නමුත් නායක ශ්‍රෙයාස් අයියර් සහ රිශාබ් පන්ට් අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 96 ක සබඳතාවය හේතුවෙන් ඔවුන්ට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 156 ක් ලබා ගැනීමට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම් පන්දුවාර 18.4 කදී සිය ඉලක්කය සපුරා ගත් අතර තරගාවලිය පුරා එතරම් ලකුණු අතර නොසිටි නායක රෝහිත් ශර්මා අවශ්‍යම මොහොතේ ලකුණු 68 ක් ලබා ගැනීම කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය.

මුම්බායි කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග මෙවර තරගාවලියට සහභාගි නොවූ අතර ඔහු නොමැතිව මුම්බායි කණ්ඩායම ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර ගණනාවක සිට, හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කටයුතු කරන අතර මුම්බායි කණ්ඩායම දිනාගත් ශූරතා පහෙන් තුනක්ම මහේලගේ පුහුණුකාරීත්වය යටතේ දිනා ගැනීම ද විශේෂත්වයකි.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකට සහභාගි විය. කෙසේ නමුත් ඔහු කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අසමත් වූ අතර ඔහුගේ කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමටද නොහැකි විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්