31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ.

ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (19) උදෑසන වනවිට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 256,218කි. මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 11.8ක් වාර්තා වී තිබේ.

ඇමරිකාව පුරා යළිත් දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත. එළඹෙන ශීත කාලගුණයත් සමග රෝගය ව්‍යාප්ත වීම තවත් වැඩිවිය හැකි බවට එරට වසංගත විද්‍යා අංශය අනතුරු අඟවා තිබේ.

කොරෝනා පළමු රැල්ලේදී ඇමරිකාවේ වයිරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ නිව්යෝර්ක් නගරයේ නැවතත් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා(20) සිට නගරයේ පාසැල් වසා දැමීමට ද නියෝග කෙරිණ.

ඇමරිකාවේ බෝවන රෝග අංශයේ ප්‍රධාන වෛද්‍යවරයෙකු වන ඇන්තනි ෆවුචි මහතා පවසා සිටියේ කොරෝනා සම්බන්ධව මේවනවිට රට ඉතාමත් අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි. වයිරසය පාලනය සම්බන්ධයෙන් ඇමරිකාව වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවත් ආසාදිතයන් වැඩිවීම පාලනය කර නොගන්නේ නම් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයෑම වලක්වාගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

“මෙය ඉතා බරපතල තත්ත්වයක්, අප සිටින්නේ ඉතා දුෂ්කර තත්ත්වයක, සෞඛ්‍ය රීතීන් දැඩිව අනුගමනය කළ යුතුයි, එන්නතකින් උදව් ලැබෙන තුරු තවත් ටික කාලයක් අල්ලාගෙන සිටිය යුතුයි” යනුවෙන් ෆවුචි මහතා පැවසීය.

ඇන්තනි ෆවුචි මහතා මාර්තු මස අග භාගයේදී අනාවැකි පළකරමින් කියා තිබුණේ වයිරසය හේතුවෙන් ඇමරිකාවේ 200,000ක් පමණ මියයෑමට ඉඩ ඇති අතර තවත් මිලියන ගණනකට වයිරසය ආසාදනය වියහැකි බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්