31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව දේශපාලන එජාපයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පැහැර ගන්න රනිල් සූදානම් වෙයි

එක්සත් ජාතික පක්ෂයට අදාළ මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා ගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණි.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පුරප්පාඩුව පවතින, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවයි.

මෙම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහලේකම් අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය නායක හිටපු රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක, නවීන් දිසානායක ඇතුළු පිරිසක් එක්වු බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

නව පාර්ලිමේන්තුව රැස්වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් එජාපය නියෝජනය කරමින් අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු නම් කර නැත.

කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම මන්ත්‍රී ධූරය සඳහා රනිල්ව යෝජනා කළේ රනිල්ට හිතවත් මන්ත්‍රීන් පිරිසක් රනිල් විසින්ම සිදු කරන ලද සැලසුමකට අනුව බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්