31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව දේශපාලන "සර් ෆේල්, සර් ෆේල් කියන්න එපා"- සජබ මන්ත්‍රී ඩයනා

ශ්‍රී ලංකාව තුළ ඖෂධයක් ලෙස කංසා වගාකර අපනයන ආදායමින් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන බව සමඟි ජනබලවේගයේ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය මේ වන විට රජයට සහය පළකරන මන්ත්‍රීවරුයක් ලෙස පිළිගැනේ.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“කංසා අප රට තුළ වගා කරලා, අපිට පුළුවන් මේ ණය බරින් නිදහස් වෙන්න. හැමදාම මේ රට බංකොළොත් කිය කිය ඉන්න විපක්‍ෂයේ අයටත් මට කියන්න තියෙන්නේ, සර් ෆේල්, සර් ෆේල් කියනවා. ඒක තමයි අපි 20 ගෙනල්ලා සර්ට බලය දීලා තියෙන්නේ”

“එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”

“ලංකාව ඝර්ම කළාපීය රටක් වීම නිසා බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කර ඒවා අපනයන කර විදේශ විනිමය ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වන විට නීතිවිරෝධී තත්ත්වයේ පවතින, එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යානුකූල බවත් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය වගාවක් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් ශක්තිමත් කර විදේශ විනියම උපයාගැනීමට මැදිහත්වීමක් කිරීමට යෝජනා කරනවා”

“අප මෙතෙක් අපනයන කළ තේ, පොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික බෝග අතරට ඖෂධ වගාවන් එකතු කරගැනීම වෙනත් රටවල් සමඟ සැසදීමේදී අවමව වාර්තා වෙනවා”

“ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අතිවිශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් වෙනවා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්