31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව දේශපාලන මද්‍රාසා පාසල් ගැන මම අවධානය යොමු කරලා තියෙන්නේ

මද්‍රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (20) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

එසේ පැමිණෙන පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල උගැන්වීමට යෙදවීම වගකීම විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එම පුද්ගලයන්ගේ තොරතුරු සොයාබැලීමට කටයුතු කළ යුතු බවත්, එම පාසල්වල උගන්වන පාඨමාලා, සිසුන් බඳවාගන්නා ආකාරය ඇතුළු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවූ බවත්, යහපාලන රජය එය අඩාල කර දැමූ බවත් අමාත්‍යවරයා පැවසීය.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්