31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් මුඛ ආවරණ නොපැළඳි ආගමික නායකයා වෛරසයෙන් ආසාදනය වී මියයයි

සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ්, සිකුරාදා බෙල්ග්‍රේඩ් රෝහලකදී නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ඇති වූ සංකූලතා හේතුවෙන් අභාවයට පත්ව තිබේ.

සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉන්ස්ටග්‍රෑම් හි මරණය සනාථ කරමින් ප්‍රධාන පූජක ඉරිනෙජ්ගේ ඡායාරූපයක් පළ කරමින්, “ඔබතුමන් දැන ගැනීමට ලැබීම මට ගෞරවයක්. ඔබ වැනි අය කිසි විටෙකත් නික්ම නොයනු ඇති.” යනුවෙන් පවසා තිබුණි.

කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් කිරීමෙන් පසු නොවැම්බර් 4 වැනි දින ඉරිනෙජ් රෝහල් ගත කරනු ලැබීය. සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ කලින් ප්‍රකාශයකින් කියැවුණේ බ්‍රහස්පතින්දා ඔහුගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවය.

කොවිඩ්-19 වෛරසය වැලඳී ජීවිතක්ෂයට පත්වූ මොන්ටිනිග්‍රෝ සහ ලිටෝරල් බිෂොප්වරයාගේ අවමංගල්‍ය උත්සවයට පසුගිය නොවැම්බර් 01 වැනිදා සහභාගී විම නිසා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ් වෛරසයට ගොදුරුව ඇති බව කියයි.

එම ආගමික වතාවත් අවස්ථාවේදී දේහය විවෘතව පැවතී ඇති අතර, ඒ අවස්ථාවේදී විශාල පිරිසක් රැස්ව සිට ඇති අතර, පල්ලියේ පූජකවරුන් ඇතුළු සුඵ පිරිසක් මුඛ ආවරණ නොමැතිව ඊට සහභාගී වී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්