31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නාපානේ නාහිමියන් වෙනුවෙන් නිශ්ශබ්දතාව පළකිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

අයවැය විවාදය අද (21) දිනට ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ අපවත්වී වදාළ නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙසයි. නමුත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

විපක්ෂ නායක –
“මේක වාද විවාද කරන්න දෙයක් නෙමෙයි. 2015 අස්ගිරි මහනාහිමියන් අපවත්වූ අවස්ථාවෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා කථානායකතුමනි”.

කථානායක –
“ඊට වඩා ගෞරවණීයයි. පිළිවෙලයි. යෝජනාවක් සම්මත කරලා දෙගොල්ලෝම ‍එකට මේක කළානම්.”
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එය කළ යුතු වුවත් මේ මොහොතේ නොකර එය යෝජනාවක් ඉදිරිපත් කර සවස පක්ෂ නායක රැස්වීමේදී සම්මත කරගෙන සිදුකිරීම යෝග්‍ය බවයි. නමුත් විපක්ෂ මන්ත්‍රීවරු ඊට එකඟත්වය පළ නොකළ අතර කථානායකවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර සභාවේ කටයුතු ආරම්භ කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්