30 C
Colombo
Thursday, January 23, 2020
මුල් පිටුව Uncategorized රාජිතව අයින් කරන්න කාටවත් බෑ ..ඇමතිනී තලතා බෙරිහන් දෙයි

රාජිතව අයින් කරන්න කාටවත් බෑ ..ඇමතිනී තලතා බෙරිහන් දෙයි

මේ දින වල දේශපාලන කරලිය තුළ ප්‍රබල මාතෘකාවක් බවට පත් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ගෙනා විශ්වාසභංගයයි.දේශපාලන පොරපිටියේ එකිනෙක මේ පිළිබඳව අදහස් දක්වන පසුබිමක රට තුල තවත් විප්ලවිය චරිතයක් මේ පිළිබඳව අදහස් දක්වා තිබේ.එනම් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙන විශ්වාසභංගය හැකි නම් ජයග්‍රහණය කර පෙන්වන්නැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කියා සිටීමයි.

එතුමිය මේ අදහස් ප්‍රකාශ කර සිටියේ කල්මුණේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හසන් අලී මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් .

බෙහෙත් වල මිල 90% කින් අඩුකර අක්ෂි කාච සඳහා , අඩුම මිලක් නියම කළ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගය දිනලා පෙන්වන්න යැයි අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය කියා සිටියේ අවුරුදු 10කට ආසන්න කාලයක් රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් වැය කලේ රජ පවුල නඩත්තු කිරීමට බවයි. හිටපු ජනාධිපතිවරයා තම දරුවන්ට සැප පහසුකම් දෙන්න මේ රටේ මිනිසුන්ව ණයකාරයන් කළ බවත් අමාත්‍යවරිය කියා සිටියා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බැඳුම්කර වලින් මහින්ද හා කබ්රාල් රු. කෝටි 1047ක් වංචා කර ඇති බව හෙළිවෙයි

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 - 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී...

කළුතර නගරයේ පදික වෙළඳුන්ට විකල්ප තැනක් නොදී එළවා දමයි

කළුතර නගරයේ පදික වෙළෙඳාම් නිරත පුද්ගලයින්ට වෙළඳාම් සඳහා වෙනත් ස්ථානයක් ලබා නොදෙමින් ඔවුන්ව එළවා දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

බඩේ අමාරුවක් හැදී මාතර රෝහලට ඇතුලත්වූ පිරිමියෙකුට දරුවෙක් ලැබිලා

දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල්...

වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු...

පාඨක අදහස්