IMF ඩොලර් මිලියන 800ක් දුන්නා – ආපහු එපත් කීවා!

181
IMF ඩොලර් මිලියන
Ads by AOL

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල( IMF ) හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

කබ්රාල් මහතා පවසන පරිදි මෙම මුදල නැවත ගෙවිය යුතු ණය මුදලක්නොවන බවත් එය ප්‍රදානයක් සේ ලබාදුන් මුදලක් බවත්ය.

Ads by AOL
Sri Lankan Matrimony

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මුදල් ප්‍රධානය කිරීම සිදුකරන බවත් අනෙක් රට වලට ඩොලර් බිලියන හය සිය පනහක මුදලත් පිරිනමන නමුත් ලංකාවට ඩොලර් මිලියන 800ක මුදලක් ලබාදීමට තීරණය කොට ඇති බවකි.

එහිදී මීට පෙරද ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් බවද කබ්රාල් පවසන ලදී..

මෙසේ ලැබෙන මුදල් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීවේය.

සබැඳි: ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 800ක් IMF එකෙන් ඉල්ලයි !

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply