පාස්කු ප්‍රහාරය දා පල්ලි නොයන ලෙස මහින්ද සුමන්තිරන්ට කලින්ම කියලා

1825
Ads by AOL

පාස්කු ඉරිදා ප්‍රහාරය හා අයි.එස්.අයි.එස්. සංවිධානය අතර සම්බන්ධයක් තිබී ඇති බවට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ප්‍රකාශ කර ඇති බවත්, ප්‍රහාරය දිනයේදී පල්ලියට නොයන ලෙස අගමැති මහින්ද රාජක්ෂ දුරකතන ඇමතුමක් ලබාදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට දැනුම්දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

සහරාන්ගේ කණ්ඩායමට වැටුප් ගෙවූ අය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද ඔහු කීවේය.

Ads by AOL
Sri Lankan Matrimony

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මෙසේද කීවේය.

සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීමට හේතුවූ පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී අද කතා කළා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත තුන්සියක් පමණ අහිමිවුනා. ඒ වගේම දේශපාලනික වශයෙන් වැඩිම හානිය සිදුවුනේ එවකට පැවති යහ පාලන ආණ්ඩුවටයි. යහ පාලන ආණ්ඩුව එහෙනෙම් මේ දේ සිදුවන්න දෙන්නේ නෑනේ. එහෙනම් මේ ප්‍රහාරයෙන් වැඩියෙන්ම වාසියක් අත්වූයේ කාටද? වැඩිම වාසියක් අත්වූයේ ඉන් පසුව බලයට පැමිණි අයටයි. ඉන් පසුව බලයට පත්වූ අය පාස්කු ප්‍රහාරය සිදු කළාය කියලා මම කියන්නේ නෑ. එදා සහරාන්ලා ගැන පරීක්ෂණ කරන්න කියලා විජයදාස රාජපක්ෂ මහත්තයා කියන විට ඒ ගැන පරීක්ෂණ කළා. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේ ගැන පරීක්ෂණ කරලා සහරාන් අත්අඩංගුවට ගන්න ඉල්ලීම් කරන විට ඉල්ලීම ඉහළටම ගියා. ඉල්ලීමට පිළිතුරු ලෙස ලැබෙන්නේ නාමල් කුමාර කියලා හාදයෙක් ඇවිත් හඩ පට එළියට අරගෙන නාලක සිල්වා අත්අඩගුවට ගැනිමයි. සහරාන් අත්අඩංගුවට ගැනීම එතැනින් නවතිනවා.

සහරාන්ගේ ක්‍රියා කලාප ගැන සොයා ගැනීම එතැනින් නවතිනවා. දින පනස් දෙකේ අර්බුදය ඉන් පසුව පැමිණෙනවා. මහින්ද රාජප්කෂ මහත්තයා අගමැති බවට පත්වෙනවා. එතැන් සිට ජාතික ආරක්ෂක කවුන්සිලට එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් සම්බන්ධ කරගත්තේ නෑ. ජාතික ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ කරගත්තේ තිලංග සුමතිපාල මහත්තයලා, දයාසිරි ජයසේකර මහත්තයලයි. ආරක්ෂක මණ්ඩලයට අවස්ථා කිහිපයකදී මේ තර්ජනය ගැන වාර්තා කර තිබෙනවා. එවකට සිටි සේනාධිනායකයා, ආරක්ෂක ඇමැතිවරයා මේ ගැන තීන්දුවක් ගත්තේ නෑ කියලා අද විභාග වෙනවා. සිද්ධිය වෙන දවසේත් ඒ ගැන දැනුවත් කළා කියලා පාස්කු කොමිසමේදී පැවසෙනවා. මේ ගැන හරින් ප්‍රනාන්දු මහත්තයාගේ තාත්තා දැන සිටියා කියනවානේ. සුමන්තිරන් මහත්තයාට පල්ලියට යන්න එපා කියලා කිව්වේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි කියලා තිබුණේ.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී රාසමානික්කම් – සුමන්දිරන් මහත්තයා මඩකලපුවට ආපු වෙලාවේ තමයි කිව්වේ. මාත් එතැන සිටියා. මඩකලපුව පල්ලියට යන්න එපා කියලා කිව්වේ. සිද්ධියෙන් පස්සේ තමයි ඒක කිව්වේ.

මේ සිද්ධිය ගැන ඇමැති ආරක්ෂක අංශවලට කලින් කියලා තියෙනවා. කොළඹ ලියුමක් තිබෙනවා, ඇවිත් අරගෙන යන්න කියලා තිබුණා. ඇමැති ආරක්ෂක අංශවලට මේ ලියුම නිකුත් කර තිබුණේ අප්‍රේල් 12 වැනිදායි. එහෙනම් හරින්‌ගේ තාත්තට විතරක් නෙමෙයි, ජනාධිපති ආරක්ෂක අංශය, හිටපු ජනාධිපති ආරක්ෂක අංශයට මේ ගැන දැනුවත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තමයි හරින් ප්‍රනාන්දුගේ තාත්තට මේ බව කියලා තියෙන්නේ.

පාස්කු ප්‍රහාරය හා අයි.එස්.අයි.එස්. අතර සම්බන්ධයක් තිබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ප්‍රකාශ කර තිබෙනවා. මේ ගැන පරීක්ෂා කරන්න. බෝම්බයට කලින් වුන දේ ගැන සොයා බලන්න. සහරාන්ලාගේ කල්ලියට පඩි ගෙවන්නේ කවුද, ඔවුන් රට ගියාම පවුල්වලට පඩි ගෙව්වේ කවුද කියලා සොයා බැලිය යුතුයි. පුහුණුවීම් ලබන අයට වැටුප් ගෙව්වේ කවුද කියලා සොයා බලන්න. අද වන තෙක් සාරා කියන කාන්තාව අත්අඩංගුවට ගෙන නෑ. සහරාන්ගේ බිරිදගෙන් ප්‍රශ්ණ කරන්න පටන් ගත්ත ගමන්, මාධ්‍ය ඉවත් කරලා සාක්ෂි ලබාගන්නවා. මේ අය ඉවත් කරලා සාක්ෂි ලබාගන්නේ ඇයි. ඇය සහරාන්ට පඩි ගෙවන එක ගැන ප්‍රකාශ කළා. එතින් පස්සේ තමයි ජනාධිපති කොමිසම ඇගෙන් සාක්ෂි ලබාගන්න එක නතර කළේ. ඇයට දැන් කොවිඩ් කියලාකියනවා. ඇගේ ජීවිතය බරපතල අවදානමකට ලක් කරලා තියෙනවා.

හරියට සාක්ෂි විමසලා වැරදිකරුවන් කවුරුන්දැයි සොයන්න. මහ මොලකරුවන් කවුදැයි කියලා සොයන්න. ඒ වෙනුවෙන් අපි විපක්ෂය විදියට ඒ සදහා අවශ්‍ය සහාය ලබාදෙනවා.

සරත් වීරසේකර – මේ ගැන දෙසීය හැට හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිපතිවරයා ළග මේ ලිපි ගොනු තිබෙනවා. අදාල පියවර ගන්නවා.

මනුෂ නානායක්කාර – දෙසීය හැත්තෑ එක් දෙනෙක් අත්අඩංගුවට ගත්තේ පසුගිය ආණ්ඩුව කාලයේ. මේ ආණ්ඩුව කාලයේදී අත්අඩංගුවට ගත්තා නම් කියන්න

අපේ රණවිරුවන් යුද අපරාධ කළා කියලා චෝදනා කරනවා නම් වැරදියි. හමුදා නිල ඇදුම භාවිතා කරමින් දරුවන් පැහැර ගන්නවානම්, මාධ්‍යවේදීන් පැහැරගන්නවා නම් අපි ඒවත් ආරක්ෂා කරගත යුතුද? රණවිරුවන් කියන නමින් ඒ අය ආරක්ෂා කරගත යුතුද? දඩයම කර තියාගෙන එන කෙනාගෙන්, තුවක්කුව බැන්දේ කවුද කියලා සොයාගන්න පුලුවන්.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply